කොවිඩ් එන්නත ලබාගත් සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවයි
මෙරට තුළ කොවිඩ් – 19 එන්නත (ඇස්ට්‍රොසෙනිකා කොවිෂීල්ඩ්) ලබාගත් පුද්ගල සංඛ්‍යාව 509,275ක් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ ඊයේ (01) දිනය තුළ පමණක් එන්නත් 42,925ක් ලබාදී ඇති බවයි.
මෙරට තුළ කොවිඩ්-19 ආසාදිතයින් වෙනුවෙන් ඉන්දියාව විසින් ලබාදුන් පළමු එන්නත් තොගයේ එන්නත්කරණ කටයුතු ජනවාරි මස 29 වැනි දින සිට ආරම්භ කෙරුණි.
එම එන්නත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ආරක්ෂක අංශ වලට සහ සාමාන්‍ය ජනතාවට ද ලබාදීමට රජය කටයුතු කළේය.
ඉන් අනතුරුව ඉන්දීය රජය විසින් පසුගිය දිනෙක තවත් කොවිඩ් එන්නත් ලක්ෂ 05ක ප්‍රමාණයක් මෙරට ජනතාවට වෙනුවෙන් ලබාදීමට කටයුතු කළේය.