කොවිඩ් තුන්වැනි රැල්ලක් ගැන පෙර දැනුම්දීමක්
උත්සව සමයේ ජනතාව නිසි සෞඛ්‍ය උපදෙස් නොපිළිපැද්දොත් කොවිඩ් තුන්වැනි රැල්ලක් ඇතිවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.
සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසුවේ අලුත් අවුරුදු සමයේ ජනතාව සියයට සියයක් නිසි ලෙස පාලනය කිරීමේ හැකියාවක් නොමැති බවයි.
උත්සව සමය වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇති බව සිහිපත් කළ සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අවුරුදු උත්සව සංවිධානය කරන විට ඉතාමත් සීමිත පිරිසක් අතර පමණක් සංවිධානය කරන ලෙසට ද උපදෙස් දී ඇත.
එමෙන්ම අවුරුදු උත්සව වලදී කණ්ඩායම් වශයෙන් ක්‍රීඩාවට කිසිදු ඉඩක් නොලැබෙන බව ද හෙතෙම පැවසීය.
සෞඛ්‍ය නීතිරීති රකිමින් කළ හැකි ක්‍රිඩා ගැන සෞඛ්‍ය අංශ ඉදිරියේදී ජනතාව දැනුවත් කරනු ඇතැයි ද සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වැඩිදුරටත් සදහන් කරයි.