News

කොවිඩ් මරණ 525 දක්වා ඉහළට

තවත් කොවිඩ් මරණ 5ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 525ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අක්කරෙයිපත්තු ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, මොරටුව ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, රාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ පොල්ගස්ඕවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් එලෙස මියගොස් ඇත.