කොස්ලන්දේ ගංජා අක්කර 1/2 හේනක් වටලයි – පැල 10000ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට
කොස්ලන්ද, බෝගපැලැස්ස රක්ෂිත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව ඉතා රහසිගතව සිදු කරගෙන ගිය අක්කර 1/2 ගංජා හේනක් බුත්තල විශේෂ කාර්ය බලකාය විසින් වටලයි.
එම වැටලීමෙන් ගංජා හේන පවත්වාගෙන ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර එම ගංජා හේනේ තිබී ගංජා පැල 10000ක් පමණ සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 40ක් වූ සිරිපුරගම, වෙහෙරයාය ප්‍රදේශයේ පදිංචි අශෝක ප්‍රේමලාල් නමැති පුද්ගලයෙකි.
එම සැකකරු අද දින බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්කිරීමට නියමිතය.
කොස්ලන්ද පොලසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.