කොළඹ ආරක්ෂක සමුළුව ඇරඹෙයි
2019 කොළඹ ආරක්ෂක සමුළුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ විය.
ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදීය.
ශ්‍රී ලංකා යුද හමුදාව 9 වන වරටත් සංවිධාන කරන මෙම සමුළුව දෙදිනක් පුරා පැවැත්වේ.
සමකාලීන ආරක්ෂක වටපිටාව තුළ විකාශය වන හමුදාවේ විශිෂ්ටත්වය යන්න මෙවර සමුළුවේ තේමාවය.
මෙවර සමුළුව සඳහා විදේශීය විද්වතුන් 13දෙනෙකු දේශීය කථිකයින් 12දෙනෙකු ඇතුළු නියෝජිතයින් 800කට අධික පිරිසක් එක්ව සිටී.
