කොළඹ මත්ද්‍රව්‍ය වැටලීම් අප්‍රේල් 03 සිට පුළුල්ව
කොළඹ නගරයේ සහ මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව මත්ද්‍රව්‍ය වැටලීම් ලබන මස 03 වැනි දා සිට වඩා පුළුල් කිරීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
හිඟුරක්ගොඩ ආනන්ද බාලිකා විද්‍යාලයේ අද පෙරවරුවේ පැවති උත්සවයකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ ය.
ත්‍රිවිද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව ශක්තිමත් අයුරින් එම වැටලීම් ක්‍රියාත්මක කිරීමට සැකසුම් කර ඇති බව ජනාධිපතිතුමා පැවසුවේය.