News

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ හදිසි සෝදිසි මෙහෙයුමක්

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ කළ හදිස්සි සෝදිසි මෙහෙයුමක දී ජංගම දුරකථන ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකා සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව එම සෝදිසි මෙහෙයුම සිදුකළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කරයි.

ජංගම දුරකථන 05ක්, සිම් කාඩ් පත් 10ක්, ජංගම දුරකථන බැටරි 10ක් සහ ජංගම දුරකථන චාජරයක් සොයාගෙන ඇත. මීට අමතරව කුඩා කුඩු පැකට් 21ක් , විශාල කුඩු පැකට් 7ක් , හෙරොයින් යයි සැක කරන කුඩු වැනි යමක් බහාලූ පිත්තල බහාලුමක්,කතුරු දෙකක්, දුම් කොළ සුළු ප්‍රමාණයක් සොයාගෙන තිබේ.