News

කොළඹ වෝඩ් පෙදෙසේ දැඩි රථවාහන තදබදයක්

විරෝධතාවක් හේතුවෙන් මේ වන විට කොළඹ වෝඩ් පෙදෙස සිට කොළඹ නගර ශාලාව දෙසට මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා තිබෙනවා.

අන්තර් උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා පඨමාලා සිසුන්ගේ විරෝධතාව හේතුවෙන් මෙලෙස මාර්ගයේ එක් මං තීරුවක් වසා දමා ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (13) පෙරවරුවේ මෙම සිසුහු උද්ඝෝෂණය ඇරැඹුණා.

මේ හේතුවෙන් නගර ශාලාව අවට මාර්ගයන්හි දැඩි රථවාහන තද බදයක් පවතිනවා.

ඡායාරූප – සමන් අබේසිරිවර්ධන