කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් පීලිපනි
කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් ඉහල වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර පිලි පැනිම හේතුවෙන් උඩරට දුම්රිය ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පැවසිය.
අද (18) පස්වරු 2 ට පමණ එම දුම්රියේ එන්ජිම පිලි පැන ඇති බවයි පාලක මැදිරිය කියා සිටියේ. පිලි පැනිම හේතුවෙන් බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වු පොඩි මැණිකේ දුම්රිය රොසැල්ල දුම්රිය ස්ථානයේත්, විශේෂ දුම්රිය හැටන් දුම්රිය ස්ථානයේත්, කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු විශේෂ දුම්රියක් වටවල දුම්රිය ස්ථානයේත් නතර කර ඇති බවත්, පිලි පැන ඇති දුම්රිය පිලිගත කිරිමේ කටයුතු කඩිනනමින් ආරම්භ කරන බවයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය වැඩි දුරටත් කියා සිටියේ.
හැටන් රංජිත් රාජපක්ෂ