News

කෝට්ටේ පෙරහැරේ අලි කුලප්පුවීමෙන් 17කට තුවාල

කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළඳා පෙරහැරේ ගමන් කළ අලි දෙදෙනෙකු ඊයේ (07) රාත්‍රියේ කුලප්පුවීමෙන් පෙරහර නැරඹීමට පැමිණි පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇත.

ඒ අතර කාන්තාවන් 12 දෙනෙකු සිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළ අතර තුවාල ලැබූවන් කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර සහ කොළඹ ජාතික රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර සඳහා යොමු කර ඇත.