News

කෝටි හතරකට අධික වටිනාකමකින් යුත් ගජමුතු 11ක් සමඟ සිව් දෙනෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 04කට අධික වටිනාකමින් යුත් ගජමුතු 11ක් සමඟ පුද්ගලයින් සිව් දෙනෙකු මහනුවර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

මහනුවර පොලිස් වසමේ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අසලදී මහනුවර කොට්ඨාස දුෂණ මර්දන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කළ වැටලිමකදි මිල කළ නොහැකි වටිනාකමකින් යුතු ගජමුතු 11ක් ළඟ තබා ගත් සැකකරුවන් සිවුදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අවු. 27,28,35,හා 40 වයස් වල පසුවන බදුල්ල,මොණරාගල,අම්පාර,හා වැල්ලවාය යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සිද්දිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.