News

ලක්ෂ 120ට අධික හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 10ක ප්‍රමාණයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (22) සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් හෙරොයින් වල වටිනාකම රුපියල් ලක්ෂ 120ට අධික වන අතර සැකකරු සන්තකයේ තිබී ලක්ෂ 61ට අධික මුදල් ප්‍රමාණයක්ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුඋදු 37ක් වන පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද දින කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.එම සිදුවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාද නිවාරණ කොට්ඨා
සය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.