News

ගංවතුර නිසා උතුරේ 94,802ක් තවමත් අවතැන්

උතුරු පළාතට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තවදුරටත් පවුල් 30,302කට අයත් පුද්ගලයින් 94,802 සංඛ්‍යාවක් පීඩාවට පත්ව සිටිනවා.

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පවුල් 17,572කට අයත් සාමාජිකයින් 54,688ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 8282කට අයත් සාමාජිකයින් 26,815ක්, යාපනයෙය් පවුල් 4257කට අයත් සාමාජිකයින් 12,642ක්, වවුනියාව දිස්ත්‍රික්කයේ පවුල් 152කට අයත් සාමාජිකයින් 516ක් සහ මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 39කට අයත් සාමාජිකයින් 141දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

අයහපත් කාලගුණයේ බලපෑම් හේතුවෙන් එම දිස්ත්‍රික්ක පහ තුළ නිවාස 110ක් පූර්ණ වශයෙන් හානි වී ඇති අතර, නිවාස 2541කට අර්ධ වශයෙන් හානි සිදුවී තිබෙනවා.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති අතර පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.