News

ගත වූ දින 12 තුළ අධිවේගයෙන් රු. මිලියන 320ක ආදායමක්

ගත වූ දින 12 ක කාලය තුළ අධිවේගී මාර්ගවලින් රුපියල් මිලියන 320 ක ආදායමක් උපයා ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.

එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ එය පසුගිය වසරට සාපේක්ෂව 8% ක වැඩිවීමක් බවයි.

අදාළ කාලසීමාව තුළ වාහන ලක්ෂ 12 කට අධික ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර තිබේ.

මේ වසරේ වැඩිම වාහන ප්‍රමාණයක් අධිවේගී මාර්ගවල ගමන් කර ඇත්තේ පසුගිය 11 වැනි දායි.

එම සංඛ්‍යාව 110,000 කට අධික ප්‍රමාණයක් වනු ඇත.

එදින උපයා ඇති ආදායම රුපියල් මිලියන 30 කට අධිකයි.