News

“ගම සමග පිළිසඳර” 16 වන වැඩසටහන හෙට පිටබැද්දර දී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහභාගී වන “ගම සමග පිළිසඳර” 16 වන වැඩසටහන හෙට (27) මාතරදි පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර එම වැඩසටහන සදහා මාතර දිස්ත්‍රික්කයේ, පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් කිරිවැල්කැලේ උතුර 03 පියවර ග්‍රාමසේවා වසම තෝරාගෙන ඇත.

හෙට (27) උදේ 10.00 ට දෑරංගල මහා විද්‍යාලයේ දී මෙම සංවාදය ආරම්භ කිරීමට නියමිතයි.

ඒ සදහා දිස්ත්‍රික්කයේ මැති ඇමතිවරු ප්‍රමුඛ මහජන නියෝජිතයෝ, අමාත්‍යාංශ ලේකම්වරු සහ විවිධ ආයතන ප්‍රධානීන් සහ නිලධාරීන් ජනාධිපතිතුමා සමග එක්වීමට නියමිතව තිබේ.

ජනාධිපති රාජපක්ෂ මහතා “ගම සමග පිළිසඳර” වැඩසටහන සැලසුම් කළේ දේශපාලන බලධාරීන් හා නිලධාරීන් කැටුව ඔහු ම ගමට ගොස් ගැමි ජනතාව පෙළෙන ආර්ථික සමාජ ගැටලු සියැසින් දැක ඒවාට සවන් දී කඩිනම් විසඳුම් දීමෙන් ග්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය සැලසීමේ අරමුණින් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.