News

ගල්කිස්සේ අභිරහස් මරණයක්

ගල්කිස්සේ අභිරහස් මරණයක්

ගල්කිස්ස පොලිස් වසමේ ගාලු පාරේ නිවසක් අසල ගෙලෙහි කැපුම් තුවාල සහිත පුද්ගල මළ සිරුරක් හමු වී තිබේ.

කැපුම් තුවාල සහිතව පුද්ගලයෙකු එම ස්ථානයේ වැටී සිටින බවට අද (07) අලුයම 1ට පමණ ලැබුණු තොරතුරකට අනුව ගල්කිස්ස පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

මියගිය පුද්ගලයා වයස අවුරුදු 22ක් වු ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර මෘත ශරීරය කළුබෝවිල මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.

මෘත ශරීරය සම්බන්ධයෙන් අද (07) දින මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය දුකිරීමට නියමිතය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.