News

ගල් බද්ද ඉවත් කිරීමට තීරණයක්

ගල් කොරිවලින් නිපදවන ගල් කියුබ් එකක් සඳහා පනවා ඇති රුපියල් දහසක බද්ද ඉවත් කිරීමට තීරණය කර ඇතැයි මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඊයේ (21 වැනිදා) ප්‍රකාශ කළේය.

මේ සඳහා ඇමැති මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරන බවද මෙම බද්ද යහපාලන ආණ්ඩුව මගින් පැනවූවක් යැයිද ඇමැතිවරයා කීවේය. බද්ද නිෂ්පාදකයන්ට කරන අසාධාරණයක් බවද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ලෝකය අලුත්වන හෙයින් පරණ ගැසට් බල බල වැඩ කිරීමට නොහැකි බැවින් කාලයට අනුව යාවත්කාලීන වී සංවර්ධනය කරා යා යුතු බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.