ග්‍රෑන්ඩ්පාස් කජීමා වත්ත ගිනිගනී
කොළඹ, ග්‍රෑන්ඩ්පාස්, කජීමා වත්තේ හටගත් ගින්නක් හේතුවෙන් නිවාස රැසක් ගිනිගෙන විනාශ වී තිබේ. අදාළ ගිනිගැනීම අද (15) අලුයම 2.40ට පමණ හටගෙන තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
ගිනි ගැනීම නිසා තාවකාලික නිවාස 50කට ආසන්න සංඛ්‍යාවක් විනාශ වී ඇත. පොලීසියේ සහ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරින් විසින් ගින්න මේවන විට පාලනය කර තිබේ.
ගින්නෙන් කිසිදු ජීවිත හානියක් සිදුව නොමැති බව පොලීසිය පැවසීය.
වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විසින් සිදුකරනු ලබනවා.