News

ගාමිණී ජයවික්‍රමට පාර්ලිමේන්තුවේදී මිරිස් කවලම් කළ ජල ප්‍රහාරයක්

අද දින පාර්ලිමේන්තුවේ ඇති වූ උණුසුම් තත්වය මැද්දේ හිටපු අමාත්‍ය ගාමිණී ජයවික්‍රමට ප්‍රසන්න රණවීර මන්ත්‍රීවරයා විසින් මිරිස් කවලම් කළ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ජලය පිරවු බෝතලයකට මිරිස් කුඩු මිශ්‍ර කර එල්ල කළ ප්‍රහාරකින් ගාමිණී ජයවික‍්‍රම මන්තී‍්‍රවරයා ඇතුළු තවත් මන්තී‍්‍රවරු කිහිපදෙනෙකුට ද ඇස්වලට හානි සිදුවුණා.

ඒ අතර සිටි අනෙක් මන්තී‍්‍රවරුන් වන්නේ මලික් සමරවික‍්‍රම සහ විජිත හේරත් වනවා.

කෙසේ වෙතත් පාර්ලිමේන්තු සංකීර්ණය තුළ දී ඔවුන්ගේ ඇස්වලට ප්‍රතිකාර කරන ආකාරය ද දක්නට ලැබුණා.