News

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විදුලි සැපයුම අත්හිටුවයි

පවතින අධික වර්ෂාවත් සමග ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විදුලි බලය විසන්ධි කර ඇති බව විදුලි බල අමාත්‍යංශය පවසයි.

එහි තොරතුරු නිලධාරි, අධ්‍යක්ෂක (සංවර්ධන) සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසුවේ අදාළ දිස්ත්‍රික්ක දෙකේ විදුලි පාරිභෝගිකයින් අට දහසකගේ විදුලි බලය විසන්ධි කර ඇති බවයි.

ආරක්ෂක හේතුන් මත සහ විදුලි බිද වැටීම් හේතුවෙන් මෙලෙස විදුලිය විසන්ධි කර ඇති බව ඒ මහතා පැවසුවේය.

ගාල්ල දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් දහසකගේ ද මාතර දිස්ත්‍රික්කයේ විදුලි පාරිභෝගිකයින් හත් දහසකගේ ද විදුලිය බලය විසන්ධි කර තිබේ.