ගිනිගත් තල් වනය
මුලතිව්, සෙල්වපුරම් ප්‍රදේශයේ තල් ගස් රැසක් ඊයේ (13) ඇතිවු ගින්නකින් ගිනිගෙන විනාශ වි ඇති බව මුලතිව් ප්‍රදේශවාසීන් පවසති.
ප්‍රදේශවාසීන් පැවසූවේ ප්‍රදේශයට පවසතින දැඩි වියළි කාළගුණ තත්වය සමඟ ගින්න හටගෙන ශිඝ්‍රයෙන් ව්‍යාප්ත වු බවයි.
ගිනන්ට හසුවි තල්ගස් රැසක් විනාශ වි ඇති අතර ගින්න හේතුවෙන් තල්ගස් මුදුන් පවා ගිනගෙන ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.
ප්‍රදේශවාසීන් පැවසූවේ ගින්න හටගත් වහාම පොලිසිය හා යුධ හමුදා නිළධාරීන් දැනුවත් කළ අතර, අනතුරුව පොලිසිය හා යුධ හමුදා නිළධාරීන් පැමිණ ගින්න නිවා දැමු බවයි.
ගින්න හේතුවෙන් ප්‍රදේශයේ ධිවර ජනතාවගේ ධිවර උපකරණ රැසක්ද ගිනිගෙන ඇති බවද ප්‍රදේශවාසීන් පැවසූහ.
වවුනියාව – මාධව කුලසූරිය
