ගිනි අවි 13ක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
නීති විරෝධී ආකාරයෙන් ගිනි අවි 13ක් සහ උණ්ඩ තොගයක් ළඟ තබාගත් බවට පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මතුගම කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් බදුරලිය ප්‍රදේශයේදී සැකකටයුතු මෝටර් රථයක් නවතා පරීක්ෂා කිරීමෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත.
ඒ අතර සිටි එක් සැකකරුවෙකු මැණික් ව්‍යාපාරිකයෙකු වන අතර බේරුවල පත්තෙකඩේ ප්‍රදේශයේ පිහිටි සැකකරුගේ නිවස පරික්ෂා කිරීමෙන් එහි තිබී පාකිස්ථානයේ නිෂ්පාදිත නවීන පන්නයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, මිලිමීටර් දෙක වර්ගයේ ගිනි අවි දෙකක් ,බෝර 12 වර්ගයේ ගිනි අවි 9ක්, දුනුවිදින ගිනි අවියක් සහ මිලිමීටර් දෙකයි දශම දෙක වර්ගයේ ජීව උණ්ඩ 1500කට අධික තොගයක් සොයාගෙන ඇත.