ගුරුකන්ද විහාරයේ නිරාවරණය කළ බුදු පිළිමය ඉවත් කිරීමේ සැළසුමක්
මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරයේ අභිනවයෙන් නිරාවරණය කළ බුදු පිළිම වහන්සේ ඉවත් කිරීමට අධිකරණ නියෝගයක් ලබා ගැනීමේ සැලස්මක් පිළිබද තොරතුරු වාර්තා වේ.
අස්ගිරි රජමහාවිහාරයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියෝ පිළිමය නිරාවරණය කළහ.
පසුගිය 14දා මෙම විහාරස්ථානයට පැමිණි දෙමළ සංන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් එහි කෝවිලක් ඉදිකිරීමට හා පොංගල් කිරිබත් සකස් කිරීමට ද සැරසී සිටිහ.
එම ස්ථානයට මේ වන විට උතුරු පළාතේ හිටපු පළාත් සභා මන්ත්‍රී හරිහරන් ඇතුළු පිරිසක් පැමිණ පවසා ඇත්තේ සිය බැතිමතුන්ට කෝවිලට යෑමට තිබූ පාර බුදු පිළිමය නිසා අවහිර වී ඇති බවයි.
කෙසේ වෙතත් මේ වන විට එම ස්ථානයට ඉහළ පොලිස් නිලධාරීන් පිරිසක් ද පැමිණ ඇති බව වාර්තා වේ.