ගුවන්විදුලියේ සභාපතිට වහාම අස්වෙන්න නියෝග
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩලයට වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වන ලෙස ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (11 වැනිදා) පස්වරුවේ දැනුම් දී ඇත.
සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන නිපුන වාහලතන්ත්රී, ගාමිණී විජේසේකර මෙන්ම ජනමාධ්‍ය හා මුදල් අමාත්‍යාංශවල නියෝජිතයන්ට මෙලෙස ඉවත් වන ලෙසට දැනුම් දී තිබේ. නුවරඑළිය උඩරදැල්ල ප්‍රදේශයේ පිහිටි ගුවන්විදුලි සංස්ථා විකාශනාගාරය පෞද්ගලික ව්‍යාපාරිකයකුට අනුමැතියකින් තොරව ලබාදීමට අධ්යක්ෂ මණ්ඩලය පියවර ගැනීම මෙවැනි තීරණයක් ගැනීමට ආසන්නතම හේතුව වී ඇති බව ජනමාධ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.
එම ව්‍යාපාරිකයා විකාශනාගාර භූමිය ඩෝසර් කර ඇති බවද එම ආරංචිමාර්ග කීවේය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව සතු සංඛ්‍යානයක් අනුමැතියකින් තොරව පෞද්ගලික අංශයට ලබාදීමටද සභාපතිවරයා ඇතුළු අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයින් කටයුතු කර ඇති බව ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කළහ.
උදයජීව ඒකනායක