ගුවන් හමුදා 70 වන සංවත්සරය වෙනුවෙන් ගුවන් සංදර්ශනයක්
ගුවන් හමුදාවේ 70 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදා සංදර්ශනයක් පැවැත්වීමට සැලසුම් කර ඇත.
හෙට (02) දිනට යෙදී ඇති 70වන ගුවන් හමුදා සංවත්සරයට සමගාමීව එම ගුවන් යානා සංදර්ශනය පැවැත්වෙන බව ගුවන් හමුදාපති එයාර් වයිස් මාෂල් සුදර්ශන පතිරණ මහතා සඳහන් කරනවා.
මේ අතර මාර්තු 3,4 සහ 5 යන දිනවල දී කොළඹ ගාලුමුවදොර පිටියේ පැවැත්වීමට නියමිත එම ගුවන් යානා සංදර්ශනය සදහා ඉන්දීය ගුවන් හමුදාව ද සහය ලබා දී ඇත.
සංදර්ශනය ලබන 03 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.