News

ගෝඨාගේ නඩුව ජනවාරි 9 දක්වා කල් යයි

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදි රජයේ මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන වසරේ ජනවාරි 9 වනදා දක්වා කල් තැබීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද නියෝග කර ඇත.

ඒ එම නඩුව අද සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ නඩුව කැඳවූ අවස්ථාවේදි

නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කිරීම හේතුවෙන් නඩුව ලබන වසරේ ජනවාරි මස 9 දක්වා කල් තබා ඇත.