ගෝඨාගේ ප්‍රතිපත්ති ප්රකාශනය එළිදැක්වීම 18 වනදා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති ප්‍රතිපත්ති ප්රකාශනය එළඹෙන 18 වනදා එළිදැක්වීමට නියමිතව ඇත.
ඒ බව මහනුවර රැජිණ හෝටලයේ අද (13) පැවැති මාධ්‍ය හමුවකදී සම මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
දේශපාලන අපේක්ෂකයන් මෙන්ම පක්ෂ කණ්ඩායම් ජනතාවට ලබාදුන් ආකර්ෂණීය පොරොන්දු පත්‍රිකාවක් වෙනුවට ප්‍රායෝගිකව ක්‍රියාවට නැංවිය හැකි වැඩපිළිවෙළක් ඉදිරිපත් කෙරෙන බව හා ක්ෂේත්‍ර 26 ක් ඔස්සේ මූලිකව සකස් කර ඇති මෙම ප්රකාශනය මාස 4-5 පමණ කාලයක් විද්වතුන්, උගතුන්, බුද්ධිමතුන් මෙන්ම ප්‍රායෝගික ක්රියාකාරිකයන් පුළුල් අධ්‍යනයකින් සකස් කළ බව කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේය.
මෙහිදී ජාතික ආරක්ෂාව ප්‍රමඛ මෙන්ම අධ්‍යාපනය, ආර්ථික, කෘෂිකර්මාන්තය, විදෙස් ප්‍රතිපත්තිය, සෞඛ්‍ය, බලශක්ති, මාධ්‍ය ආදි විෂයන් පිළිබඳව ද ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පළමු වකවානුව තුළ විශ්ව විද්‍යාල සඳහා ඇතුළත් කෙරෙන සිසුන් ලක්ෂය දක්වා ඉහළ නැංවිම කෙරෙහි අවධානය යොමු කර ඇති බවද රඹුක්වැල්ල මහතා සඳහන් කරයි.
