ගෝඨා දිනවීමට මහින්දගේ පමණක් නොව ජනපති මෛත්රීගේත් සහය ලැබෙනවා
ඉදිරි ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා දිනවීමට මහින්ද රාජපක්ෂ මහතාගේ පමණක් නොව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සහයද හිමි වන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.
ඊයේ (28) ගම්පොල පැවති ජන හමුවකදී ඖ මී ප්රකාශ කළේය.
මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී අනුරාධ ජයරත්න මහතාද පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කරමින් කියා සිටියේ අගෝස්තු 11 දින මහින්ද රාජපක්ෂ මහතා පොදුජන පෙරමුණේ සභාපතිවරයා වශයෙන් පත් කිරීම පමණක් නොව එදිනට ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාද එදිනට නම් කිරීමට බලාපොරොත්තු වන බවය.
