ඝෝෂාකාරී ශබ්ද සහිත නළා භාවිත කරන රියදුරන්ට 01වනදා සිට දැඩි නීති
රථවාහන නීති උල්ලංඝණය කරමින් විවිධ නාදරටා සහිත ඝෝෂාකාරී ශබ්ද සිහිත නළා පරිහරනය කරන සහ පීඩාකාරී ලෙස අලෝක රටා භාවිතා කරන බස් රථ ඇතුළු වාහන වල රියදුරන්ට ජූලි මස 1 වැනිදා සිට දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.
වාහනවල සවිකර ඇති මෙම නළා සහ ආලෝක රටා ඉවත් කර කිරීම සඳහා සියලූ වාහන වලට මාස තුනක සහන කාලයක් ලබා දී ඇති බව ඔහු සඳහන් කළේය.
ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදී අජිත් රෝහණ මහතා මේ බව කියා සිටි අතර මහජනයාට ඝෝශාකාරී නළා සහිත බස් රථ, මෝටර් රථ, වෑන් රථ ති‍්‍රරෝද රථය, යතුරු පැදි ඇතුළු වාහන පදවන රියදුරන්ට විරුද්ධව නඩු පැවරීමෙන් පසු රුපියල් 3000 සිට 5000 නොඅඩු දඩයක් නියම කර ඇති බවත් සඳහන් කළේය.
ඝෝෂාකාරී ද්විත්ව ස්වර නළා නාද කරමින් වාහන ධාවන කිරීම නිසා මාර්ගය පරිහරණය කරන සහ වාහනයේ ගමන් ගන්නා මහජනයා අපහසුතාවට පත්කරමින්, භිය උපදවන, කරදරයක් වන අයුරින්, රථ ධාවන කරන රියදුරන්ට රුපියල් 10,000 සිට 20,000 ට නොඅඩු දඩයකට යටත් කළ හැකි බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය.