News

චන්දිමාල්ට අවසන් ටෙස්ට් තරඟයත් අහිමි වෙයි

ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය අසමත් වීම නිසා ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එංගලන්තය සමඟ පැවැත්වෙන 03වන ටෙස්ට් තරඟය අහිමිවී යන බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

දෙරට අතර ගාල්ලේදී පැවති පළමු ටෙස්ට් තරඟයේදී දිනේෂ් චන්දිමාල් ආබාධයකට ලක්වූ අතර එම හේතුවෙන් එංගලන්තය සමඟ පැවති දෙවන ටෙස්ට් තරඟය ද ඔහුට අහිමිවුවා.