News

චන්ද්‍රිකා ගැන ශ්‍රීලනිප තීන්දුව 5 වැනිදා

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහාය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාෂිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක ඇතුළු පිරිස සම්බන්ධයෙන් අනිද්දා (5 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණයක් ගැනීමට නියමිත ය.

ඉදිරි ජනාධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාසට සහාය පළ කිරීම වෙනුවෙන් දේශපාලන පක්ෂ 28ක සහභාගිත්වයෙන් පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණට ‘අපි ශ්‍රී ලංකා සංවිධානය’ යටතේ හිටපු ජනාධිපතිනිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් සහාය පළ කරති. මෙලෙස සහය පළ කරන පිරිස පක්ෂයේ සංවිධායක ධුරයන්ගෙන් නෙරපා ඇතැයි මහලේකම් දයාසිරි ජයසේකර මීට පෙර ප්‍රකාශ කර තිබිණි. එහෙත් හිටපු ජනාධිපතිනිය ද මෙම ක්‍රියාවලියට සහාය පළ කිරීම ගැටලුවක් වන හෙයින් ඒ පිළිබඳව මධ්‍යම කාරක සභාවේ දී යම් තීන්දුවක් ගැනීමට නියමිත යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යේෂ්ඨ ප්‍රකාශකයෙක් ‘සතිඅග අරුණ’ට පැවසීය.

නිලන්ත මදුරාවල