News

චීන එන්නත අනුමත කරන්න ප්‍රමාණවත් නොරතුරු නෑ

චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය ලබාදීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට ප්‍රමාණවත් තොරතුරු ලැබී නොමැති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පවසයි.

එම එන්නතෙ හි තොරතුරු ලැබුණු වහාම ඊට අනුමැතිය ලබාදීම පිළිබඳ සලකාබලන බව අමාත්‍යවරිය ප්‍රකාශ කරයි.

චීනයේ නිෂ්පාදිත කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් මුල් වටයේදී මෙරටට ලැබීමට නියමිත බව දැනගන්නට ලැබී තියෙන බව අමාත්‍යවරිය පවසයි

එම කොවිඩ් එන්නත් තොගය බාර ගැනීමට හැකිවනුයේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අවසරය ලැබුනොත් පමණක් බව අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.

මීළග ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත් තොගය අප්‍රේල් මස මුල් සතියේදී මෙරටට ගෙන්වීමට හැකියාව ලැබෙනු ඇති බවද රජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කරයි.