News

ජනපති අද සවස 5ට පක්ෂ නායකයන් පමණක් හමුවීමට තීරණයක් ගෙන ඇති බව චම්පික කියයි

මන්ත්‍රීවරුන් කතානායකවරයාට ලබා දුන් අත්සන් ලේඛනයේ ප්‍රශ්න ඇතැයි ජනාධිපතිවරයා කියා තිබූ නිසා බහුතරය පෙන්වීමට මන්ත්‍රීවරුන් 122ම පැමිණ ජනාධිපති හමුවීමට අවස්ථාව ඉල්ලා සිටි බවත්, පක්ෂ නායකයන් පමණක් පැමිණීම ප්‍රමාණවත් බව ජනපති පැවසූ බවත් ඒ අනුව අද සවස 5ට ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවත් පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේදී මාධ්‍යට අදහස් දක්වමින් කියා සිටියා.

එහිදී මාධ්‍ය වේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දුන් ඇමැතිවරයා කියාසිටියේ ‘‘අද බටහිර රටවල් බටහිර රටවල් යැයි කියන අයගේ දරුපවුල් පිටින් ඉන්නේ පිටරවල. මහින්ද රාජපක්ෂ මහතාගේ බටහිර රටවල් ගැන කතා කරනවා හැබැයි ඔහුගේ සහෝදරයන් ඇමෙරිකාවේ යැංකි අධිරාජ්‍යයේ පුරවැසියෝ. ඔවුන්ට ඇමෙරිකාවේ පුරවැසි භාවය තියෙනවා.‘‘

‘‘හිටපු ජනාධිපතිවරයා මට කතා කළා. මම එතනට ගියා. අපි සුහදව කතා කරමින් හිටියා. එතුමාම හදාගත්ත පාදඩයන් එතුමට පාලනය කරගන්න බෑ. ඩොලර් 85 සිට 59ට තෙල් මිල අඩු වුණ නිසා මිල කොහොමත් අඩු විය යුතුයි.‘‘ යනුවෙනුයි.