News

ජනපති අපේක්ෂක මහේෂ් සේනානායක හදිසියේම රෝහල් ගත කරයි

ජාතික ජනතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා හදිසියේ රෝගාතුර වීමෙන් අද (22) පෙරවරුවේ බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කළේය.

ඒ මහතා බලංගොඩ නගරයේ ජනාධිපතිවරණ රැස්වීමකට පැමිණ එහි කටයුතු අවසන්වීමෙන් පසුව පිටත්ව යෑමට ගිය අවස්ථාවේදී මෙලෙස රෝගාතුර වී ඇතැයි තොරතුරු වාර්තා වේ.