ජනපති තේරීම්කාරක සභාවට සහභාගීවීම ගැන තීරණය ඉදිරියේදී
පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවට සහභාගීවීමට හෝ නොවීමට තම අභිමතය පරිදි කටයුතු කිරීමට අවස්ථාව පවතින බව නීතිපතිවරයා තමාට දන්වා ඇති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.
ජාතික ආරක්ෂාව පිළිබඳ වැදගත්කම සලකා බලමින් සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙස ඒ පිළිබඳව ඉදිරි කටයුතු කරන බව ජනාධිපතිවරයා සඳහන් කරන අතර පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ ප්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (11දා) පෙරවරුවේ එක්වෙමින් ජනපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේය.
