News

ජනපති ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික සමුළුව අද

රට තුළ මතුව ඇති තත්ත්වය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරිම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද (25) දිනයේ සර්ව පාක්ෂික සමුළුවක් කැඳවා ඇති බව වාර්තා වෙයි.

ජනාධිපති කාර්යාලයේදී අද පෙරවරු 10.00ට මෙම සමුළුව පැවැත්වීමට නියමිතව ඇති අතර සර්ව ආගමික කමිටුව ද අද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතව ඇත.

එය අද පස්වරු 04.00ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී සර්ව ආගමික කමිටුව රැස්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.