ජනපති සහ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් පිරිසක් අතර හමුවක්
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් පිරිසක් අතර හමුවක් අද (17) පැවැත්වේ.
එහිදී රටේ සියලු ජනතාව වෙනුවෙන් පොදු නීති පද්ධතියක් සකස් කිරීම සඳහා වූ ශ්රී ලංකා නිදහස් පක්ෂ යෝජනාවලිය පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතයි.
මෙම යෝජනාවලිය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා දැනුවත් කිරීමට ද නියමිතය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.