News

ජනපති හා එජාපෙ අතර සාකච්ජාව හෙටට කල් යයි

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර අද රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබු සාකච්ජාව හෙට දිනය දක්වා කල් දමා ඇති බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරයා හා එක්සත් ජාතික පෙරමුණ අතර කල් දැමුණු සාකච්ජාව හෙට රාත්‍රි 8 ට පැවැත්වීමට නියමිතය.

එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර සාකච්ජාවක් පසුගිය නොවැම්බර් 30 වෙනිදා රාත්‍රියේ පැවති අතර එහිදී වත්මන් දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළැඹීමට හැකි වූයේ නැත.