ජනමාධ්‍යවේදීන් සඳහා වට්ටම් කාඩ්පතක්
ජනමාධ්‍යවේදීන් සඳහා වට්ටම් සහිත කාඩ්පතක් හදුන්වාදීමේ උත්සවය ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (30) පැවැත්විය.
මෙම වට්ටම් කාඩ්පත සඳහා කොළඹ ව්‍යාපාරික සංගමය අනුග්‍රහය ලබා දී තිබේ.
වෙළෙඳ ආයතන 500කින් පමණ මෙම වට්ටම් කාඩ්පත මඟින් භාණ්ඩ ලබා ගත හැකි වන අතර මීට සමගාමීව අප්‍රේල් 01වනදා සිට 11වනදා දක්වා සියනෑ අවුරුදු මේලා 2021 වෙළඳ ප්‍රදර්ශය හා අප්‍රේල් 08වනදා සිට 10වනදා දක්වා ජාතික රූපවාහිනී පරිශ්‍රයේ දි පැවැත්වෙන වෙළඳ ප්‍රදර්ශනය මඟින් ද මෙම වට්ටම් යටතේ භාණ්ඩ මිල දි ගැනිමට අවස්ථාව පවතී.
මෙම කාඩ්පත වසරක වලංගු කාලයකින් සමන්විත වේ.
දැනට ජනමාධ්‍ය ක්ෂේත්රයේ සිටින මාධ්‍යවේදීන් 7000කට පමණ මෙම කාඩ්පත ලබා දීමට කටයුතු යොදා තිබේ.
ජනමාධ්‍යවේදින් සඳහා පහසු ණය යෝජනා ක්‍රමයක් ග්‍රාමීය සංවර්ධන බැංකුව මඟින් ලබා දීමේ වැඩසටහන ද මෙහිදී සිදු කෙරිණි.