News

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට හිස්බුල්ලා හා ශිවාජිලිංගම් ඇප මුදල් තැන්පත් කරයි

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා, උතුරු පළාත් හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මෙන්ම සබරගමුව පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත්වීමට අද (06) පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කර ඇත.

පිළිගත් දේශපාලනපක්ෂ 19කින්, ස්වාධීන කණ්ඩායම් 19කින් සහ වෙනත් පක්ෂ 03කින් අපේක්ෂකයින් ඇප මුදල් තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

පිළිගත් දේශපාලන පක්ෂයක් නොවන ලියාපදිංචි නොකළ වෙනත් පක්ෂවලින් ඇප මුදල් තැන්පත් කර ඇති අපේක්ෂකයින් සංඛ්‍යාව 3 කි.