ජනාධිපතිවරණයෙන් අපි දිනන හැටි ඇල්පිටිය ජනතාව රටට පෙන්නුවා – මහින්ද රාජපක්ෂ
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණ ප්රතිඵලය සමස්ත රටටම දුන් ආදර්ශයක් බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නායක විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීමෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණු විශිෂ්ට ජයග්රහණය පිළිබඳ සති අග අරුණට විශේෂ ප්රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසීය.
විශිෂ්ට ප්රතිඵලයක් ලබා දුන් ඇල්පිටිය ජනතාවට විපක්ෂ නායකවරයා සිය කෘතඥතාව පළ කළේය. ශ්රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයේදී ලබන විජයග්රහණයට ඇල්පිටිය ජයග්රහණය නියත ඉඟියක් ලබාදී ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.
