News

ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට සාකච්ඡා කරනවා – හිස්බුල්ලා

ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සඳහන් කරයි.

අපේක්ෂකයා කවුරුන්ද යන්න තවමත් තීරණය කර නොමැති බව ඊයේ (23) මඩකලපුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේය.

ඔහු එම මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළේ “ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුයි. ඒ ගැන දැනටමත් අපි සාකච්ඡා ආරම්භ කරලා තියෙන්නේ. හැබැයි කවුද අපේක්ෂකයා කියලා තවම තීරණය කරලා නැහැ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන ඕනෑම අපේක්ෂකයෙකුට 50% කට වැඩිය ඡන්දය මේ පාර ලබාගන්න බැහැ. ඒ හේතුව නිසා අපිත් වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කරලා ජනාධිපතිවරණයෙන් වැඩි ඡන්ද ලබාගන්න අපේක්ෂකයාට අපි වෙනම සහය දෙන්න ඕනේ කියලයි මම නම් හිතන්නේ. ” යනුවෙන්ය.