News

ජයග්‍රහණය පිළිබඳ ගැටලුවක් නෑ – ගෝඨාභය

මීළඟ ජනාධිපතිවරයා කවුරුන්ද යන්න ජනතාව තීරණය කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැවසීය.

ගෝඨාභය රාජපක්ෂ මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානය පිහිටුවීම වෙනුවෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඊයේ (31 වැනිදා) පැවැති උළෙලේදීය. තමා ජනාධිපතිවරණ සටන ආරම්භ කළේ සියයට පනස් හයක ඡන්ද ප්‍රතිශතයක් අතැතිව යැයිද කී ජනාධිපති අපේක්ෂකයා එහෙයින් සිය ජයග්‍රණය පිළිබඳ ගැටලුවක් නැතැයිද කීවේය.

රටේ පවතින අර්බුදවලට විසඳුම් වශයෙන් ඉදිරිපත් කළ ප්‍රායෝගික වැඩපිළිවෙළ වන ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක කිරීම සඳහා සියලුදෙනාගේ සහාය අවශ්‍ය වන බවද ඒ මහතා කියා සිටියේය.

නිලන්ත මදුරාවල