ජල ගැලීම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි ලබාදීම ආරම්භ කෙරේ
කිලිනොච්චිය දිස්ත්‍රික්කය ඇතුළු උතුරු පළාත වෙත බලපෑ ජල ගැලීම් හේතුවෙන් විපතට පත්වූවන් වෙනුවෙන් වන්දි මුදල් ලබාදීම ආරම්භ කිරීම කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී ආරම්භ කරනු ලැබීය.
ජල ගැලීම්වලින් විපතට පත් පවුලක් වෙනුවෙන් රුපියල් 10000 ක මුදල බැගින් වෙන මූලික වන්දි මුදල් බෙදාදීම එලෙස ආරම්භ කළ බව කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් පැවසීය.
කිලිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල නිළධාරීන් පැවසූවේ ජල ගැලීම් හේතුවෙන් නිවාස හානිවූවන්ට හා දේපළ හානිවූවන් වෙනුවෙන් අදාළ ගණනය කිරීම්වලින් අනතුරුව වන්දි මුදල් ප්‍රදානය කිරීමට නියමිත බවයි.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පවුල් 22563 ක් ජල ගැලීම් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට ලක්වු අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පවුල් 90 ක් වෙනුවෙන් සංඛේතාත්මකව මුදල් ආධාර ලබාදීම සිදුකෙරිණ. කථානායකවරයා විසින් කිලිනොචිච්ය දිස්ත්‍රික්කයේ ජල ගැලීම්වලට ලක්වු ප්‍රදේශවල පාසල් දරුවන් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීමද සිදුකළහ.
වැඩසටහනට රජයේ අමාත්‍යවරුන්, දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්,රාජ්‍ය නිළධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
වවුනියාව – මාධව කුලසූරිය