News

ජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළාසේ ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබාදෙනවා

වත්මන් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කළාසේ ඉඩමේ අයිතියත්, ඩිජිටල් දැනුමේ අයිතියත් ජනතාවට ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය (23) වැනිදා මඩකලපුවේදී පැවසීය.

ජනතා අයිතීන් ආරක්‍ෂා කර දී රට ගොඩනඟා එක්සත්ව ඉදිරියට යා හැක්කේ එක්සත් ජාතික පෙරමුණට බවත් එම අපේක්‍ෂාවන් ඉටුකර ගැනීම සඳහා සියලූ ජන කොටස් සමගි සම්පන්නව එක්සත් ජාතික පෙරමුණ වටා රොද බැඳගත යුතු බවත් වික්‍රමසිංහ මහතා එහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අද මඩකලපු වේබර් ක්‍රීඩාංගනයේ පැවැති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ උත්සවයේදීය.