News

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද ජනපති ප්‍රධානත්වයෙන් උතුරෙන් ඇරඹෙයි

ජාතික මත් ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය අද (21) උතුරු පළාතෙන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව සමාරම්භක උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00ට මුලතිව් මුල්ලියාවලෛ විද්‍යානන්දන් මහා විදුහලේ පැවැත්වීමට නියමිතයි.

මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ජනාධිපතිවරයා විසින් ගෙන යන වැඩපිළිවෙලේ විශේෂ අදියරක් ලෙස මෙම මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නම් කර තිබෙනවා.

පාසල් දරුවන් මෙම ක්‍රියාවලිය සඳහා සක්‍රිය කොටස්කරුවන් බවට පත් කිරීමේ ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ ප්‍රධාන ලක්ෂණයක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.