ජාතික වෙසක් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි
ජාතික වෙසක් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හික්කඩුව තෙල්වත්ත, රත්පත් රජමහා විහාරයේ දී ආරම්භ වී ඇත.
හික්කඩුව තෙල්වත්ත, රත්පත් රජමහා විහාරය පූජා භූමියක් ලෙස නම් කරමින් සමරු පලකය ජනාධිපතිවරයා අතින් අද (17) පස්වරුවේ විවෘත කර ඇත.
රාජ්‍ය අනුග්‍රහය සහිතව ගාල්ල, හික්කඩුවේ පිහිටි තෙල්වත්ත තොටගමු පුරාණ රන්පත් රජමහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් මෙම උත්සවය අද (17) සහ හෙට (18) යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.