ජාතිත රෝහල් හෙද හෙදියෝ උද්ඝෝෂණයක
හිග අතිකාල දීමනා වහා ලබා දෙන ලෙස හා තවත් ඉල්ලීම් රැසක් මුල්කරගනිමින් ජාතික රෝහල් හෙද හෙදියෝ අද (14වැනිදා) එම රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත වූහ. 2016 සහ 2017 වසරවල හිග අතිකාල දීමනා නොලැබීමෙන් ජාතික රෝහලේ පමණක් හෙද හෙදියෝ 2600ක් පමණ අපහසුතාවයට පත්ව සිටින අතර මධ්‍යම ආණ්ඩුවට අයත් තවත් රෝහල් රැසක හෙද හෙදියෝද මෙම ගැටලුවට මුහුණ දී සිටිති. මේ සම්න්ධයෙන් සමස්ත ලංකා හෙද සංගමයේ සභාපති එස්. බී. මැදවත්ත පැවසුවේ හිග අතිකාල දීමනා ලබා ගැනීම සහ තමන්ට ඇති තවත් ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමග සාකච්ඡා පැවැත්වුවද විසදුමක් නොලැබුණු නිසා උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට එළඹුණු බවයි.
ඡායාරූපය – ප්‍රදීප් දඹරගේ