ජිනීවාහිදී සිවාජිලිංගම් සහා ශ්‍රී ලාංකිකයින් අතර උණුසුම් තත්ත්වයක්
ශ්‍රී ලංකාවේ සංහිදියාව, වගවීම සහ මානව හිමිකම් ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමිසම විසින් සකස් කළ වාර්තාව හෙට දිනයේ ජගත් මානව හිමිකම් සැසිවාරයේදී සලකා බැලීමට නියමිත බව වාර්තා වෙයි.
ඊට සමගාමීව ජිනීවා නුවරදී සමාන්තර සැසිවාර කිහිපයක්ද පැවැත්වෙන අතර ඊයේ (18 )පැවති එවැනි සමාන්තර සැසිවාරයකදී නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී ඇත.
ජගත් මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් මහත්මිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට පසුගියදා ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාර්තාව ඉදිරිපත් කර තිබු අතර එහිදී ඇය සඳහන් කර තිබුණේ ජගත් මානව හිමිකම් කවුන්සිලයට එකඟවු කරුණු රැසක් ඉටු කිරීමට ශ්‍රී ලංකා රජය අපොහොසත් වී ඇති බවත් එම වාර්තාවට අනුව ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය කිරීමේ චෝදනා විභාග කිරීම සඳහා දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කළ යුතු බවයි.
මේ දිනවල සමාන්තර සැසිවාර කිහිපයක්ද පැවැත්වෙන අතර ඊයේ දිනයේ දෙමල ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් සහ උතුරු පලාත් සභා මන්ත්‍රී එම් කේ සිවාජිලිංගම්ගේ සහභාගීත්වයෙන් සමාන්තර සැසිවාරයන් කිහිපයක් පැවත්වි ඇත. එහිදී එම් කේ සිවාජිලිංගම් මන්ත්‍රීවරයා සහ ශ්‍රී ාංකික නියෝජිතයින් කිහිපදෙනෙකු අතර නොසන්සුන්කාරී තත්වයක්ද හටගෙන ඇත.