Update – ජවිපෙ හා TNA අතර සාකච්ඡාව ආරම්භ වෙයි
ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර සාකච්ඡාව මේ වන විට බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී ආරම්භ වී ඇත.
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළු විසිවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධාන මනිත්‍රීවරුන් සමග මෙම සාකච්ඡාව පැවැත්වෙයි.
ජ.වි.පෙ. සහ ටී.එන්.ඒ අතර සාකච්ඡාවක් අද
ජනතා විමුක්ති පෙරමුණ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම ඇතුළු විසිවැනි සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ සහාය ලබා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධාන මනිත්‍රීවරුන් සමග අද (11දා) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම සාකච්ඡාව අද (11දා) සවස 2.00ට බත්තරමුල්ල පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.
ඊට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත් සහ සුනිල් හඳුන්නෙත්ති යන මහත්වරුන්ද සහභාගි වීමට නියමිතව තිබේ.ජ.වි.පෙ. සහ ටී.එන්.ඒ අතර සාකච්ඡාවක් අද
එමෙන්ම ඉදිරියේදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු එක්සත් ජාතික පක්‍ෂ නියෝජිතයන් සමගද, විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම පිළිබඳ සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.